27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF ණය ගැන සුබ පණිවුඩයක්

IMF ණය ගැන සුබ පණිවුඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

එම ණය මුදල සමග මෙරට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරයි.

ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද සඳහන් කළේය.

එමෙන්ම විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතු සඳහා බලපෑම් ඇතිවී ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. රටවල් 55ක සහ මෙරට අංශ 24දීම සේවය කිරීම සඳහා සිටින්නේ නිලධාරීන් 164 දෙනෙක් බවයි ඔහු පවසන්නේ.