― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅනාගත ලේලිය දූෂණය කළ මාමණ්ඩිය අත්අඩංගුවට

අනාගත ලේලිය දූෂණය කළ මාමණ්ඩිය අත්අඩංගුවට

පුත්තලම, ආණමඩුව – පෙරියකුලම ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ආණමඩුව පෙරියකුලම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

18 හැවිරිදි තම පුතු වයස අවුරුදු 18 පිරෙන විට එම තරුණියට විවාහ කර දීමට පවුලේ අය තීරණය කර තිබූ බැවින් මෙම 18 හැවිරිදි තරුණයා තමන් විවාහ වීමට බලාපොරොත්තු වන තරුණිය තම නිවස අසළ නිවසක රඳවා තබාගෙන ඇත.

එමෙන්ම තරුණයාගේ මවද ගැබිණියක් බැවින් දින කිහිපයක් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා තම මව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගොස් ඇත.

තරුණයාගේ පියා වන සැකකරු දැරියට කිහිප වතාවක්ම ලිංගික අතවර කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

තරුණිය තමන් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණයාට දිගින් දිගටම පියා සිදු කළ මෙම අපයෝජනය පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (07) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.