― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට වරදකරු කරමින් කළුතර මහාධිකරණය ඊයේ (07) මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ මතුගම, නැගෙණහිර බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකුට සහ කළුතර, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකුටයි.

කළුතර මහාධිකරණවිනිසුරු චන්න අබේරත්න මහතා විසින් මෙලෙස මරණ දඬුවම් නියම කෙරුණේ මීට වසර 16 කට ඉහත දී මතුගම ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්.

2007 වසරේ අප්‍රේල් මස 18 වන දින මතුගම පොලිස් වසමට අයත් බෝපිටිය – සාරානන්ද මාවතේ තිබූ අවමංගල්‍ය උත්සවයකට තම පුතුන් දෙදෙනා සමඟ සහභාගී වී සිටි පුද්ගලයෙක් එහි සිටි පිරිසක් සමඟ ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් එම පුද්ගලයාට පහර දී තිබෙනවා.

එම පහරදීමේදී අදාළ පිරිස තියුණු ආයුධවලින් කපා කොටා එම පුද්ගලයාව ඝාතනය කර ඇති බවයි අනාවරණය වුණේ.

මෙම ඝාතනයට අදාළව මතුගම පොලිසිය මඟින් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

මෙම සම්බන්ධයෙන් වසර 16ක දීර්ඝ නඩු විභාගයක් පැවති අතර එහිදී සැකකරුවන් 10 දෙදෙනෙකුට අධිකරණය මඟින් නිදහස් කෙරුණා.
ඒ අනුව ඝාතනයට වරදකරුවන් වූ සැකරුවන් දෙදෙනාටයි ඊයේ (07) මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ.