― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම සඳහා දස දහස් ගණන් පලස්තීනුවන් රෆා දේශසීමාව වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයට ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හිඟයක්ද පවතින බවයි ගාසා තීරයේ BBC පුවත් වාර්තාකරු පවසන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන යන පාසල් කඳවුරු වෙත දහස් ගණනක ජනතාවක් යාමට උත්සාහ කළ නමුත් ඔවුන්ට ඉඩක් නොමැති නිසා ගොඩනැගිලි ඉදිරිපිට නිදා ගැනීමට සිදුව ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව මේ වනවිට උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට පලා යන ලෙස දන්වා තිබූ නගරයක් වන ඛාන් යුනිස් වෙත පැමිණ තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1,200ක් ඝාතනය කර 240ක් ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සමහරක් පසුගිය දින කිහිපයේ පැවති කෙටි කාලීන සටන් විරාමයක් අතරතුර දී නිදහස් කරනු ලැබීය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 7,000 ක් පමණ ඇතුළුව පුද්ගලයින් 17,177 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.