― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි.

එහි දැක්වෙන්නේ සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන හා වසනු ලබන වේලාවන් දෙසැම්බර් 9 වැනිදා සිට බලාත්මක වන බවයි.

ඒ අනුව රට බීම තැබෑරුම් බලපත්‍ර ලත් ස්ථාන පෙරවරු 10ට විවෘත කළ යුතු අතර රාත්‍රී 9ට වසා තැබිය යුතුයි.

විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර (ර.බී.04) බලපත්‍ර සහිත ස්ථාන පෙරවරු 8ට විවෘත කර රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට හැකියාව පවතිනවා.

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් බලපත්‍ර (ර.බී. 07) පෙරවරු 10 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට අවසර ලැබී තිබෙනවා.