― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතැපෑලත් දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

තැපෑලත් දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

එළඹෙන 10 වැනිදා (අනිද්දා) පස්වරු 4.00 සිට 12 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දිවයිනපුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපල්පතිවරයා වෙත ද ලිපියකින් දැනුම්දීමට කටයුතු කර ඇති බවයි එම වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3410ක සේවකයින් එක්වීමට නියමිතයි. රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක්, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීන්දුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි වාර්තා වුණේ.

තැපැල් සේවකයින් විසින් ඉකුත් ඔක්තොම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ දී ද සංකේත වැඩවර්ජනයක් සිදුකරනු ලැබුවා. එම වැඩ වර්ජනයට පෙර එනම් ඔක්තොම්බර් මස 23 වැනිදා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී තැපැල් සේවකයින් මේ වන විට මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුම්වත් කර සිටියා.

එහිදී කෙටි කාලීන ගැටළුවලට සති 02ක් තුළ විසදුම් ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළකර ඇති අතර ඔක්තොම්බර් 27 වනදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවයකට පත්ව ඇත්තේ අදාළ ගැටළුවලට සති 02 ක් තුළ විසදුම් ලබාදීමයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත් සමඟ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.