26.7 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල් තෙල්වල ප්‍රමිතියේ ගැටලු රැසක්

පොල් තෙල්වල ප්‍රමිතියේ ගැටලු රැසක්

උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

පාර්ලිමේන්තුවේදී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කුඩා පරිමාණ මෝල්හිමියන් විසින් නිෂ්පාදන කර වෙළෙඳපොළට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු පවතින බවයි.

එම නිසා එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන අතරතුර මේ පිළිබඳ පාරිභෝගික ජනතාවද දැනුවත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.