― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ මත්තේගොඩ ප්‍රදේශයේ ඊයේ (07) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා. එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැන්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරේදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදුජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා.

වැටුප් වැඩි කරනවා නම් පළමුව වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඉන් අනතුරුවයි.”