― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ පිළිබඳ දත්ත වාර්තාවට අනුව වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වෙයි.

එම දත්ත වාර්තාවට අනුව 2014 වර්ෂයෙන් පසු සෑම වසරකම ලියාපදිංචි උපත් ප්‍රමාණය ක්‍රමිකව පහළ ගොස් තිබෙනවා.

මේ වසරේ ජූලි 01 වැනිදා දක්වා ගතවූ වසර තුළ ලියාපදිංචි උපත් ප්‍රමාණය 268,920ක් දක්වා අඩුවී ඇති අතර 2022 වර්ෂයේදී වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 275,321ක් වී තිබෙනවා.

2021 වසරේදී එම උපත් සංඛ්‍යාව 284,848ක් ලෙස වාර්තාවී ඇති අතර 2020 දී උපත් ලක්ෂ 03 ඉක්මවා වාර්තා වී ඇත.

ඒ අනුව මේ වසරේදී උපත් ලියාපදිංචිය පෙර වසරට සාපේක්ෂව 6,401කින් පහත වැටී ඇති අතර 2020 වසරට සාපේක්ෂව උපත් 41,786ක පහළ යාමක් වාර්තා වෙයි.