26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරමින් කාරක සභාව අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවයි එහිදී කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ.

දිනකට කිලෝ කැලරි 3,400 ක ආහාර වේලක් හමුදා සෙබළෙක්ට ලබාදිය යුතු වුවද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බවත් මෙම තත්ත්වය හමුදා සෙබළාගේ චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරන බැවින් 2021 වසරේ සිට මේ දක්වා 30,000කට ආසන්න සංඛ්‍යාවක් හමුදාව හැරගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.