― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී හැටන් කොළඹ A 07 ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද රාත්‍රී 7.45ට පමණ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි. ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමඟ මාර්ගයට කඩා වැටී තිබෙනවා.

කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත්, මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ.

මේ අතර බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද පවතින අධික වර්ෂාවත් සමග බලන්ගොඩ කිරිඳිගල ග්‍රාම සේවා වසමේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා.

එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිතව ඥාති නිවෙස්වල රඳවා තැබීමට කටයුතු කළ බවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ. මේ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක් මංතිරුවක් අවහිර වී තිබෙනවා.

අධික වර්ෂාව තවදුරටත් පවතින අතර නාය යෑමේ අවදානම් කලාපවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසටයි බලංගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර ජනතාවට දැනුම් දෙන්නේ.