30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි

අස්වැසුම සහනාධාරයේ දෙවන අදියර සඳහා ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත අතර
ඔක්තෝබර් මාසයේදී ප්‍රතිලාභීන් මිලියන 1.47ක් ගිණුම්ගත කර තිබෙනවා.

මෙය සැප්තැම්බර් මාසයේ ප්‍රතිලාභීන් මිලියන 1.377ට සාපේක්ෂව 29,932ක වැඩිවීමක් බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීමට අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

2024 වසරේ ඇස්වසුම සමාජ සුබසාධන වැඩසටහන ගෙවීම සඳහා රජය රුපියල් බිලියන 205ක් වෙන් කර තිබේ.