ඔස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණිකයින් බඳවා ගැනීම අඩකින් අඩුකිරීමේ තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා සකස් කළ නව සැලැස්මට අනුව සිසුන් සහ අවම වෘත්තිය නිපුණතාව සහිත වූවන්ට දැඩි වීසා නීති පනවා ඇති බවයි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස්වල වාර්තාගත ලෙස වැඩිවීම හේතුවෙන් නිවාස සහ යටිතල පහසුකම් වෙනුවෙන් රජයට අමතර වැයක් දැරීමට සිදුවීම මතයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව වාර්ෂිකව පැමිණෙන සංක්‍රමණිකයින් 250,000ක පිරිස 125,000 දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.