30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රාසජනක ක්‍රීඩාවක නියැලෙන්න අප්‍රේල් සිට අවස්ථාව

ත්‍රාසජනක ක්‍රීඩාවක නියැලෙන්න අප්‍රේල් සිට අවස්ථාව

නෙළුම් කුළුණේ ඉහළ සිට පහළට පැනීමේ ගෝ බන්ජි (Go Bungy) නමැති ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව ලබන අප්‍රේල් මාසයේ සිට ලාංකිකයන්ට හිමි වී තිබෙනවා.

නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම පවසන්නේ නෙළුම් කුළුණේ විසි නවවැනි මහලේ සිට අඩි 256ක් ඉහළ සිට පැනීමේ අවස්ථාව මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට හිමි වන බවයි.

ගෝ බන්ජි ක්‍රීඩාව පිළිබඳ මනා පළපුරුද්දක් සහිත ජපානයේ සමාගමක් සමග එක්ව මෙම කාර්යය සිදුකරනු ලබන අතර මෙරට ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබෙන ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවක සිට පහළට පැනීමේ උසම පිම්ම, නෙළුම් කුලුනෙන් පැනීම බවයි එම සමාගම පවසන්නේ.