තැපැල් වෘත්තීය සමිති ඊයේ (10) ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්රියාත්මකය.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ. ඒ අනුව මෙම වර්ජනය පැය 48 ක කාලයක් ක්රියාත්මක බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.
නුවරඑළිය, මහනුවර ඇතුළු තැපැල් කාර්යාල විකිණීම, රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ලබාගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.