30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

මිතුරන් දෙදෙනෙක් සමඟ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ නමුණුකුල, මියනකදුර, පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනෙකු සමඟ දියනෑමට ගිය තරුණයකු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල, අලියාවත්ත ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි ජෙයකුමාර් ඩිලක්ශන් නැමැති 17 හැවිරිදි තරුණයෙකි.

මොහු නිවාඩුවට නමුණුකුල, බූටාවත්තේ සිය මාමාගේ නිවසට පැමිණ ඇති අතර මිතුරන් දෙදෙනෙකු සමඟ නමුණුකුල, මියනකදුර, පොත්ගල ඔයේ අටේ වලේ දියනෑමට යාමේදීයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ.