නත්තල් නිවාඩු සමයේ රථ වාහන වැරදි පිළිබඳව පොලිසිය නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ නත්තල් සමය හා දීර්ඝ නිවාඩුවත්, නව වසර උදාවීමත් හේතුවෙන් මහජනතාව සාද හා විනෝද ගමන් යාමේදී රිය අනතුරු පිළිබඳව ඉතාම සැලකිලිමත්ව කාලය ගත කරන ලෙසත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවත්ය.