27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවික හමුදාවේ 1877කට උසස්වීම්

නාවික හමුදාවේ 1877කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් 1,877 දෙනෙකුට උසස්වීම් ප්‍රදානය කර තිබෙනවා.

පසුගියදා (09) පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීවයි මොවුන්ගේ නිලයන් උසස් කර ඇත්තේ.

ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත මොවුන් 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මීළඟ නිලයට උසස් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 489ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 264ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයන් 625ක් සහ ප්‍රධාන සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයන් 499ක් වශයෙන් උසස් කර තිබෙනවා.