― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රමාණවත් සහල් තොග රට තුළ තිබෙනවා - මහින්ද

ප්‍රමාණවත් සහල් තොග රට තුළ තිබෙනවා – මහින්ද

ඇතැම් සහල් මෝල් හිමියන් කෘත්‍රිමව ඇති කිරීමට උත්සාහ කරන සහල් හිඟය මෙවර උත්සව සමයේ සහල් මිල ඉහළ දැමීමේ උපක්‍රමයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අවශ්‍ය තරම් සහල් තොග රට තුළ පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ අධික මිලට අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් පමණක් විමර්ශනය කර නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ බලධාරීන්ට බලය තිබෙනවා.

සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන්ට බලයක් නොතිබූ බැවින් සහල් තොගකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවක් පැවතියා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම පනතට අවශ්‍ය සංශෝධන ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.