27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් තුනක් වැසෙයි

පාසල් තුනක් වැසෙයි

හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා තිබෙනවා.

වැසි සහිත කාලගුණයෙහි බලපෑම හේතුවෙන් එම පාසල් වසා දමා ඇති අතර හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා පැවසුවේ ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද, බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලටද, මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලටද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.