29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිස් මහජන සහන දිනය යළිත්

පොලිස් මහජන සහන දිනය යළිත්

කොවිඩ් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙනු ඇති.

පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණු හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන දිනය තුළින් මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය ප්‍රමාදයකින් තොරව සාධාරණව ඉටුකර දීම එහි අපේක්ෂාව බවයි දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ.

එමෙන්ම තමා සෑම සිකුරාදා දිනකම මහජන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳව පිළිතුරු ලබාදීමද එහිදී සිදුකෙරෙන බවයි ඔහු අවධාරණය කළේ.