― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහ කන්නයේ පොහොර මිලදී ගන්න බිලියන 10ක්

මහ කන්නයේ පොහොර මිලදී ගන්න බිලියන 10ක්

2023 මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ එයින් රුපියල් බිලියන 2.3ක් මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී අතර එම මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමට පියවර පියවර ගත් බවයි.

ඒ අනුව රජය විසින් ලබා දීමට නියමිත රුපියල් බිලියන 10න් රුපියල් බිලියන 5ක් මෙම වසර අවසන් වීමට ප්‍රථම ගොවි ගිණුම්වලට ලබා දෙන අතර ඉතිරි රුපියල් බිලියන 5 ජනවාරි මාසය ඇතුලත ගොවි ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

2023 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් කුඹුරු වගා කරන අතර ගොවීන් ලක්ෂ 12කගේ ගිණුම්වලටම මෙම මුදල් බැර කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.