― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමිහින්තලේ ආරක්ෂාවට පොලීසිය ඉන්නවා - ප්‍රමිත

මිහින්තලේ ආරක්ෂාවට පොලීසිය ඉන්නවා – ප්‍රමිත

මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මිහින්තල පුදබිමේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය බවත් මේ වනවිටත් එහි පොලිස් නිලධාරීන් 30 දෙනෙකු ආරක්ෂාව භාරව කටයුතු කරන බවත්ය.

මිහින්තලයට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මිහින්තල පුදබිමට හමුදාව යොදවා සිටියේ ආරක්ෂාව සඳහා නොව වෙනත් වැඩ කටයුතු සඳහා බවයි.

ඒ අනුව මිහින්තලයෙන් ඉවත් කරන ලද්දේ එම ආරක්ෂක හමුදා භටයන් 252 බවයි ඔහු සඳහන් කළේ.