හෙට (12) දිනයේදී රාජ්‍ය සේවකයින් දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එම එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන බවයි.
එමෙන්ම ඔවුන් රජයට අනතුරු අඟවන්නේ දෙසැම්බර් 13 වැනිදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණ හොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බවයි.