29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක්

සිසුවියන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක්

අනුරාධපුර සහ කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පාසල් සිසුවියන් අතර මත්පෙති භාවිතය ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි ඒ්කකයෙන් ලබාදුන් තොරතුරු අනුව පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුරාධපුර, 04 කණුව අසල සිදුකළ වැටලීමකදී පාසල් දරුවන්ට මත් කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අංගුවට ගනු ලැබුවා.

අද (11) දිනයේදීද අනුරාධපුර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත මත්පෙති දහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ අදාළ මත්පෙති තොග රැගෙන තිබුනේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඔසුසලකින් බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවත් මත් පෙති ලබාගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පාසල් තුළදීම සිසුවියන් විසින් පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩ දී මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.