― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2024 දී ඩොලර් විසිකරන සංචාරකයින් ගෙන්වා ගැනීමට සැලසුම්

2024 දී ඩොලර් විසිකරන සංචාරකයින් ගෙන්වා ගැනීමට සැලසුම්

2024 වසරේ සංචාරකයින් මිලියන 05ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේ දී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ Home Stay සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවයි.

එසේම ඉදිරි වසරේදී ධනවත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ දී එම සංචාරකයින් පිළිගැනීමට මෙරට සාමාන්‍ය සමාජය සූදානම් කළ යුතු බව ද කමිටුව පෙන්වා දුන්නා.

මේ අනුව සංචාරකයින්ගෙන් මුදල් වංචා කිරීම ආදිය නවතා සංචාරකයින් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බව පැමිණි මන්ත්‍රීවරු සඳහන් කළා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් තෝරාගත් ප්‍රදේශවල පුහුණු වැඩසටහන් පවත්වන බවයි. තවද ප්‍රාදේශීය මට්ටමෙන් පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැදගත් වන බව ද කමිටුව පෙන්වා දුන්නා.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ‘කර්මාන්ත පුර’ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද ඒවා වඩාත් ඵලදායී ආකාරයෙන් යොදාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.