― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2024 මම තමයි නියත ජනපති - ජනක

2024 මම තමයි නියත ජනපති – ජනක

2024 නියත ජනපති තමන් බවත් ආර්ථිකය නැංවිය හැකි වැඩසටහනක් තමා සතුව පවතින බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියෙ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ විදුලිය බිඳ වැටීමේ පාඩුව රුපියල් බිලියන 10ක් පමණ වන බවත් හෙණේ ගහලා තියෙන්නේ බියගමට නෙමෙයි ලංකාවටම බවත්ය.

මෙවන් විදුලි බිඳ වැටීමක් පිළිබඳව ගත යුතු පියවරයන් පෙරදීම සකස් කර තිබූ බවත් 2022 වසරේදී ඒ සඳහා අවශ්‍ය පියවර සම්බන්ධව තමා දැනුවත් කර තිබූ බවත් ඔහු පැවසීය.