30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්දකාඩු සිද්ධිය ගැන දින 03කින් වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩු සිද්ධිය ගැන දින 03කින් වාර්තාවක් ඉල්ලයි

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සිටි රැඳවියන් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජ්‍යේෂ්ඨ නිලධාරින් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව කඩිනමින් විමර්ශන සිදුකර දින 3ක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බවයි පුනරුත්ථාපන කොමසාරිස්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මේ වනවිට පලාගිය රැඳවියන් 129 දෙනෙකු යළි නිලධාරීන් භාරයට ගෙන අතර තවත් 9 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.