― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද අභියාචනධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැදවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද දැනුම් දීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.