― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගුවන්යානයේදී මෙරට දැරියක් අපයෝජනය කළ ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ගුවන්යානයේදී මෙරට දැරියක් අපයෝජනය කළ ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අද උදෑසන 07.20ට රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 266 දරන ගුවන් යානය තුළදීයි මෙම ලිංගික අතවරය සිදු කර ඇත්තේ.

සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙක්. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වෙනත් ගුවන් යානයකින් යළි ඉන්දියාව වෙත පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙක් බව සඳහන්.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් කර තිබුණා.

ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරිය මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට දැරියගේ මව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමටයි ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කළේ.