32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනවාරියේදී විදුලි බිල පහළට

ජනවාරියේදී විදුලි බිල පහළට

ලබන වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ වනවිට ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පහුගිය අවුරුදුවල මේ කාලයේ මෙහෙම අපිට වැසි ලැබෙන්නේ නෑ. නමුත් දැන් දිනකට අඛණ්ඩව වැසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපිට වාසියක් වෙලා තියෙනවා. ජල විදුලිය උපරිමයෙන් පාවිච්චි කිරීමට හැකියාව ලැබී තිබෙනවා. අපේ තියෙන ගල් අඟුරු බලාගාර, එහෙම නැත්නම් දැවිතෙල්, ඩීසල් බලාගාර නවත්වා දැමීමට හැකියාව ලැබී තිබීම අපිට වාසියක්. අප්‍රේල් මාසයේ තමා ඊළඟ සංශෝධනය යෝජනා වෙලා තිබුණේ. නමුත් අපි රජය තීන්දුවක් ගත්තා මේ පුරෝකථන වෙනස්වෙලා තියෙන නිසා, වාසියක් අපිට පෙනෙන නිසා ඒ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදෙන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 31 වනදා අපේ ශේෂ පත්‍රය අවසන් වුණාට පස්සේ ජනවාරි මාසයේ මැද කාලය තුළ නැවත වතාවක් ගාස්තු සංශෝධනයක් කරන්න. අපිට දැනට පේනවිදියට ඒ ගාස්තු සංශෝධනය තුළ මේ තියෙන ගාස්තු ක්‍රමය තව අඩුකරන්න පුළුවන් කියලා පේනවා. මම ඉක්මන් වෙන්නේ නෑ. .තියෙන දත්ත හා ඒ තොරතුරු ලබාදිය යුත්තේ විදුලිබල මණ්ඩලය හා ඒ පුද්ගලයන්.