27.2 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකථනයට ප්‍රතිචාර නොදැක්වූවැයි පෙම්වතා ගෙල වැළලාගෙන

දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූවැයි පෙම්වතා ගෙල වැළලාගෙන

තම පෙම්වතිය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පෙම්වතා ශෝකයට පත්ව විදුලි පංකාවක ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ උඩුපුස්සැල්ලාව, ඉහළ කොටස ගම්පහ වත්ත 15 ලැයිමේ පදිංචි තරුණයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණයා මීට මාස 10කට පෙර ඔහු හෝමාගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පෙදරේරුවෙකු ලෙස පැමිණ ඇති බවත් පසුගියදා රාත්‍රියේ ඔහු විසින් පෙම්වතියට දූරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේනමුත් ඔහු දිගින් දිගටම ලබාදුන් ඇමතුම්වලට ඇය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මොහු කනස්සලට පත් වී දැඩි කම්පනයෙන් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම මෙම තරුණයා පෙම්වතියට ගෙළ වැලලා ගැනීමට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප සහ කෙටි පණිවුඩ කිහිපයක් යවා ඇති බවත් පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.