27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් ඉදිරි පැය 24ක කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින අතර මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.