28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුවසැරියට නවීන තාක්ෂණයෙන් සේවා රැසක්

සුවසැරියට නවීන තාක්ෂණයෙන් සේවා රැසක්

1990 සුව සැරිය පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව ඊයේ(12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ වුණා.

එලෙස ආරම්භ කරන ලද නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුළදී එම රෝගියාගේ තත්ත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිත කර රෝග නිශ්චය කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධ වීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සදහා යොමු කිරීමත් මෙම සේවාවෙන් සිදු කරන ප්‍රමුඛ කාර්යයයන්.

ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේදී මෙම 1990 සුවසැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලැබුවා.