අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා එම ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායට අධිවේගී මාර්ගවල කිරීමට මහ ලොකු දෙයක් නැති බවත්
අධිවේගී මාර්ගයේදී අනතුරක් වුණොත්, ගින්නක් ඇතිවුණොත් කටයුතු කිරීම පමණක් ඔවුන්ගේ රාජකාරිය වී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව පසුගිය වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය එවැනි සිද්ධි 164කට පමණක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඕනෑම රටක ගිනි නිවීම සහ ගලවා ගැනීම කරන්නේ ගිනි නිවන හමුදාව බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය හැදුවේ එවැනි දේවල් කිරීමට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
“අධිවේගී මාර්ගවල ඉන්න පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසට අවුරුද්දකට කෝටි විසිහයක් වියදම් කරනවා. ඒ අය අනතුරක් වුණොත් එතනට යනවා නැත්නම් නිකං ඉන්නවා. කුඩු මාෆියාව නැති කරන්න අපිට විශේෂ කාර්ය බාලකාය අවශ්‍යයි. එම බලකායට 2000 ක් අඩුයි. අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බළකාය ගත්තේ කෙටි කාලයකට. ගිනි නිවන හමුදාවට ඒ කටයුතු කරන්න පුළුවන්. අපි දිනයක් දෙනවා. ඒ කාලය ඇතුළත එස්.ටී.එෆ් එක ගන්න ඕන. පොලිසිය එතන ඉන්නවා. පොලිසිය අයින් කරන්නේ නැහැ.
පොලිසියේ පුරප්පාඩු 21,022 ක් තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදාහක් තියෙනවා. ඒ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”