29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩවලව – තණමල්විල මාර්ගය හෙට සිට වැසේ

උඩවලව – තණමල්විල මාර්ගය හෙට සිට වැසේ

හෙට (15) සිට උඩවලව ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව – තණමල්විල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉන්ජිනේරු තේමිය බණ්ඩාර පවසයි.

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන ප්‍රදේශය අලුත්වැඩියා කිරී⁣ම සඳහායි මෙලෙස එම මාර්ගය වසා ඇත්තේ.

ඒ අනුව උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගය ඔස්සේ අම්පාර, මොනරාගල, කල්මුණේ, ආදී වශයෙන් ඌව හා නැගෙනහිර දක්වා දිවෙන මාර්ගයේ වාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නවතිනු ඇති.

මෙම ප්‍රධාන මාර්ගය භාවිත කළ රථ වාහනවලට මෙම කාල සීමාව තුළ ඇඹිලිපිටිය නගරය දක්වා ගොස් තණමල්විල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි ය.

මෙම නඩත්තු කටයුත්ත සඳහා දෙසැම්බර් 22 දින දක්වා මාර්ගය සම්පූර්ණයෙන් ම වසා තබන බවයි ඉන්ජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්පසුව දෙසැම්බර් 23 වැනිදා සිට ජනවාරි 06 දක්වා කාලය තුළ එක් මං තීරුවක් පමණක් විවෘතව තැබෙන අතර ඉන්පසුව 2024 ජනවාරි 7 වැනිදා සිට ජනවාරි 14 දක්වා යළිත් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.

ජනවාරි 15 වැනිදා සිට පූර්ණ වශයෙන් මෙම මාර්ගය විවෘත කරනු ලබයි.