31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋපකාරක පන්ති ආ සිසුවියක් පැහැරගෙන යයි

උපකාරක පන්ති ආ සිසුවියක් පැහැරගෙන යයි

උපකාරක පංතියකට ගොස් මව සමඟ නිවෙස බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියක් ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

දැරියගේ මව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අදාළ තරුණයා තමාටද පහර දී දැරිය පැහැරගෙන ගිය බවයි.

සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත් ඇය සිය 44 හැවිරිදි මව සමඟ මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටියදී තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව මව මතුගම පොලිසිය පවසා තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර සැකකරු ඇයට පා පහරක් එල්ල කර පලාගොස් ඇත.

සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයද හදුනාගෙන ඇති අතර සැකකරු හා පැහැරගත් තරුණිය සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන අපරාධ අංශ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.