24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකහවත්තේදී මවක් ඝාතනය කෙරේ

කහවත්තේදී මවක් ඝාතනය කෙරේ

කහවත්ත – වෙලේවත්ත, වැල්ලදුර ප්‍රදේශයේදී නිවසක සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.

මියගිය කාන්තාව දියණිය සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය රැකියාව සඳහා ගොස් ඊයේ (13) පස්වරුවේ නිවසට පැමිණ මව පිළිබඳ සොයා බැලීමේදී නිවස පිටුපස ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දැක තිබෙනවා.

දියණිය විසින් මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.