27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකූඨ රියදුරු බලපත්‍ර සකස් කළ අයෙක් අත්අඩංගුවට

කූඨ රියදුරු බලපත්‍ර සකස් කළ අයෙක් අත්අඩංගුවට

කූට ලේඛන සකස් කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි වියේ පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ව්‍යාජ නිල මුද්‍රා යොදා ගනිමින් රියදුරු බලපත්‍ර සකස් කර ඇති බවයි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ, නීතීඥවරුන්ගේ සහ විවිධ පෞද්ගලික ආයතනවල නිල මුද්‍රා රැසක් ද සොයාගෙන තිබෙනවා.