29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගාල්ල, බදුල්ල, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

අන්තර් මෝසම් වැසි හේතුවෙන් මහනුවර ප්‍රදේශයෙන්ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර ඩෙංගු මර්දන වැඩසටහන් එම ප්‍රදේශයේ පැවැත්වුවද රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.