28.9 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වවුනියාව, කිලිනොච්චි, මන්නාරම, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.