― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාසල් යුනිෆෝම් ඇඳගෙන නිල් චිත්‍රපට හැදූ යුවළක් අත්අඩංගුවට

පාසල් යුනිෆෝම් ඇඳගෙන නිල් චිත්‍රපට හැදූ යුවළක් අත්අඩංගුවට

පාසල් නිල ඇඳුමින් සැරසී අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් යුවළ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙක් බවයි.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවයද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ විශ්ව විද්‍යාලයක වෝහාරික වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විෂය හදාරන සිසුවෙක්.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බවයි ඔවුන් පොලීසියට පවසා ඇත්තේ.

මෙම අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඔවුන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇති අතර කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.