26.7 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ගාස්තු වැඩිවීමක් ගැන රතු එළියක්

බස් ගාස්තු වැඩිවීමක් ගැන රතු එළියක්

ජනවාරි මාසය තුළ වැට් බදු වැඩි වීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.

වැට් එකේ 18% වැඩි වීමත් එක්ක සාමාන්‍යයෙන් තව ලක්ෂ 20ක්වත් වැඩිවෙනවා. ඒ ගාණට බස් එකක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කරන්න බස්හිමියන්ට හැකියාවක් නෑ. ඒ හා සමඟම අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩිවෙනවා.

බරපතලම කරුණ තමා ඉන්ධන මිල වැඩිවීම. වැට් එක ඉන්ධනවලට ආදේශ කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඩීසල් මිලත් වැඩිවෙනවා. අවධානම තියෙන්නේ ජනතාවට. මේ සියල්ල වැඩිවුණොත් නැවත වරක් බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා සමග සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”