බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලබන මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඈන් කුමරිය 2024 ජනවාරි 10 – 13 දක්වා ඇගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් සමග මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය විසින් ඈන් කුමරියට ආරාධනා කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.