26.7 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද වැඩිවීම මට විශාල පීඩනයක් - නලීන්

වැට් බද්ද වැඩිවීම මට විශාල පීඩනයක් – නලීන්

භාණ්ඩවල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදී අදහස් දක්වමිනි.

වැට් බද්ද 18% කින් වැඩි වනවිට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් මට පීඩනයක් තිබෙනවා. කෙසේවෙතත් මේ අවස්ථාවේදී රට පවතින තීරණාත්මක අවධිය නිසා සියලු දේයට වඩා රාජ්‍ය ආදායම වටිනවා. ඒ කෙසේ වෙතත් අතරමැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවා. පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපයේදී මේ ගැන මැදිහත් වීමක් කරනවා.