27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,442කි.

රුසියාවෙන් සංචාරකයින් 8,004 දෙනෙකු ද, බ්‍රිතාන්‍යයෙන් 5,991 දෙනෙකු ද, ජර්මනියෙන් 5,336 දෙනෙකු ද, චීනයෙන් 2,894 දෙනෙකු ද දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.