Android භාවිතා කරන්නන්ට WhatsApp ගිණුම් කිහිපයක් ඇති විට ඒවා මාරු කිරීමට නව ක්රමයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම විශේෂාංගය හරහා මාරු විය හැක්කේ එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර බවයි වාර්තා වන්නේ.
ඒ අනුව WhatsApp පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිත කිරීමට හැකියාවක් ලැබෙනවා.