25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලට පැය 16ක ජල කප්පාදුවක්

ගාල්ලට පැය 16ක ජල කප්පාදුවක්

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 16ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

ගාල්ල, හපුගල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ අද (15) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා කාලය තුළදී මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.

බෝපේ, පෝද්දල, හපුගල, හබරාදූව, බූස්ස, අක්මීමන හා රත්ගම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.