29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් අද (15) දහවල් කෑම පැයේදී මෙම උද්ඝෝෂණයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

උද්ඝෝෂණයේ නිරත පිරිස සඳහන් කළේ ගුවන් තොටුපොළ සේවකයින්ට අවුරුදු 06 කින් වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බවයි. එළඹෙන 31 වැනිදාට පෙර සිය ඉල්ලීමට සාධාරණ විසඳුමක් නොලැබුන හොත් 2024 වසරේ ජනවාරි 03 වැනිදා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී ඔවුන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සකස් කළ ලිපියක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අජිත් ගල්කැටිය වෙත බාරදීමටද පියවර ගත්තා.