29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුණයින් ගොවිතැනට යොමු කිරීමට මිලියන දහසක්

තරුණයින් ගොවිතැනට යොමු කිරීමට මිලියන දහසක්

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එයින් මිලියන 1000ක් මේ සඳහා වෙන් කෙරෙනු ඇති.

ගොවිතැනට කැමති තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ලබන වසරේදී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වෙයි.